තනි මට | Thani Mata by Damith Asanka sinhala Lyrics [2018]
තනිමට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
වැටෙන වැටෙන හුස්මක් පාසා
උබව මට සිහිවෙලා
මුතුකැට පෙම් පතම පුරා
කදුලු වලින් අද බොද වීලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
වරදක් කෙරුවද මා කිසිදා
පෙම් කල කාලේ පුරා
අහිතක් නොහිතන හිත මා ඔබ හා
ඉන්නවා ඔබ දෙසම බලා
මා තනි වෙන්නම් නුඹ හිනැහේනම්
මා මෙතනම ඉන්නම් රැදිලා
තනිමට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
Download MP3 from here.